වර්ග නොකළ

ජර්මන් ශ්‍රී ලංකා මහා විහාරයෙහි වසර 26 ක් පැරණි Heating යන්ත්‍රය දැනට අබලන්ව පවති. ඉතා ඉක්මනින් නව යන්ත්‍රයක් මිලදී ගත යුතුව ඇත. ඒ සදහා යුරෝ 10000,- කට වඩා වැඩි මුදලක් වැය වේ. දැනට භික්ෂූන් වහන්සේලා 5 නමක් පමන වැඩ සිටින අතර උන්වහන්සේලාට එළ‍ෙඔන ශීත සෘතුවෙහි පවසුවෙන් වැඩ සිටීම සදහා මේ වෙනුවෙන් හැකි අයුරකින් දායක වන ලෙසට මෙත් සිත් පෙරටුව ඔබට ඇරයුම් කරමු.

ඔබගේ සියලු ආධාර මුදල් "Spende Heizung" යනුවෙන් නම් කොට "Buddhistischer Maha Vihara, IBAN: DE31 2004 0000 0629 6107 00 , BIC: COBADEFFXXX" දරන විහාරගිණුමට බැර කල හැකි අතර එකී ආධාර ආදායම් බද්දෙන් නිදහස්ය.

තෙරැවන් සරණයි

කාරුණික පිංවතුනි,

අපගේ විහාරාධිපති අතිගරු ආචාර්‍ය රත්මලේ පුඤ්ඤරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි Buddhistischer Maha Vihara සංගමය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික කඨින පූජාව හා පර්ත්‍රාණ ධර්මදේශනය 2020 ඔක්තෝබර් 3 වන ඉරිදා ෂ්නෙවර්ඩින්ගන්හි මහා විහාරයේ දී කොවිඩ් නීති රෙගුලාසි වලට යටත්ව පවත්වමු . ඒ සඳහා ඔබට සුහදව ආරාධනා කරමු . වැඩසටහනට ඇතුළත් වන්නේ:

පෙ.ව .10.00 රැස්වීම සහ භාවනා කිරීම
පෙ.ව 11.00 ට පූජාව
පෙ.ව. 11.30 ට සංඝයාට දිවා දානය
අමුත්තන් සඳහා දහවල් 12.00 ට දිවා ආහාරය
1.30 ප.ව. ළමුන් සඳහා ධර්ම පාසල
2.30 ප.ව. සිවුරු පූජා සහ ධර්ම දේශනය
ප.ව 3.30 ට ආශිර්වාද කිරීම (පිරිත් සඡ්ඡායණා කිරීම)
ප.ව. 4.00 තේ සහ කේක්

ඔබගේ සහභාගීත්වය අපි බලාපොරොත්තු වෙමු. උත්සවය පරිත්යාග පදනමක් මත ක්රියාත්මක වේ. පරිත්‍යාග අපගේ ගිණුමට මාරු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු (පහත බලන්න).

ඔබේ මහා විහාරය

Buddhistischer Maha Vihara විහාර සංගමය

දයාබර හිතවතුනි

අපගේ දයාබර පියාණන් අභාවයට පත්ව තෙමසක් ගතවීම නිමිත්තෙන් එතුමන් ඇතුලු අභාවයට පත් ඤාති මිතූරාදීන්ට පිං පැමිණවීමේ සහ නව වසරට ආසිරි පතා පිංකම් මාලාවක් මෙම  මස 20 හා 21 යන දෙදින තුල › ලංකා මහා විහාරයෙහි දී පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇත.

  • ඒ අනුව 20 වන සෙනසුරාදා උදැසන 10 සිට සවස 5 දක්වා භාවනා වැඩ සටහනක් සහ සවස 7 ට ධර්ම දේශනාවක් පැවැත්වේ.
  • එසේම 21 වන ඉරිදා උදෑසන හීල දානය yd දහවල මහා සංඝගත දක්ෂිණාවකි.

පිං කැමති ඔබත් දානය සදහා සදහා සහාය වීමෙන් පැමිණ සහභාගීවීමෙන් මෙම මාහැගි පිංකම සදහා පහසු අයුරකින් සහ සïබන්ධවන ලෙස කාරeණිකව අරාධනා කොට සිටිමි.

පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන හිමි

ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි.

පුරා වසර 20කට අධික කාලයක් පුරාවට ජර්මනිය ඇතුළු සමස්ත යුරෝපයම කේන්ද්‍ර කර ගනිමින් අපරමිත ශාසනික හා සමාජීය සේවයක නිරත වෙමින් සිටින හා ශ්‍රී ලංකා මහා විහාරයේ නිර්මාතෘවර, ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක අති ගෞරවනීය පුජ්‍ය ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන මාහිමිපාණන් වහන්සේගේ ආදරණීය පියතුමන් අවුරුදු 94 කට අධික කාලයක් ආයු වළඳා හදිස්සියේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ පිලිබඳ ආදාහන කටයුතු මෙම 23 බදාදා දින පොලොන්නරුව අදහනාගාරයේදී සිදු කිරීමට නියමිත අතර ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ පියතුමන් වෙනුවෙන් ගුණානුස්මරණය කර පැන් වඩා පිං පැමිනිවීමේ උදාර කෘතවේදී පිංකමක් මෙම මස 26 වන සෙනසුරාදා උදැසන 11.00 ට අප විහාරස්ථානයේදී පැවැත්වේ.

ඒ සඳහා කෘතවේදී ඔබ සැමගේ සහභාගීත්වය අපේක්ෂා කරමු.

තෙරුවන් සරණයි

විහාරවාසී භික්ෂුන් වහන්සේලා සමග
විහාරස්ථ බෞද්ධ සංගමය.

කාරුණික පිංවතුනි,

2018 වර්ෂාවසානයේ සෑමදෙනාටම සෙත් පැතීමටත්, මියගිය සෑම දෙනාටම පිං අනුමෝදන් කිරීමටත් යන අදහසින් 2018 දෙසැම්බර් මස 09 වන ඉරුදින සංඝගත දක්ෂිණාවක්, ආශීර්වාද පූජාවක් හා විශේෂ ධර්ම දේශනයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

ආශීර්වාද පූජාව විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය ගලගෙදර අමරරතන හිමියන් විසින් ද සුමධුර ධර්ම දේශනය පූජ්‍යපාද බලබෝවේ ධම්මකිත්ති හිමියන් විසින් ද පවත්වනු ලබති.

මෙයට අමතරව Dr. Francis Samarawickrama මහතා සිංහල ආයුර්වේදය අළලා සිදුකරණු ලබන වීශේෂ දේශනයක් හා නර්තනාචාරිණි Sulakshi Fonseka මහත්මිය විසින් පවත්වනු ලබන වීශේෂ සංස්කෘතිකාංගයකින් ද මෙම අවස්ථාව සමන්විත වේ.

මෙම මාහැඟි අවස්ථාව සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට කාරුණිකව ආරාධනය කරමු.

මහා විහාර ‍‍බෞද්ධ සංගමය

Buddhistischer Maha Vihara. e.V.

Bockheberer Weg 1
29640 Schneverdingen

Telefon: 05193 5173734

E-Mail: info@buddhistischer-maha-vihara.de

Web : www.buddhistischer-maha-vihara.de

Facebook : www.facebook.com/buddhistischermahavihara

Offnungszeiten für Tempel Besucher: täglich von 08:00 bis 18:00

Einladung PDF Format: Einladung